mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු මහීපාල හේරත් මැතිතුමාගේ පණිවුඩය
Chief Minister සබරගමුව පළාත් රාජ්‍ය සේවයේ ප්‍රධාන පුහුණු මධ්‍යසථනාය වන නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන හා පුහුණු) කාර්යාලය මගින් අද දින සිට ක්‍රියාත්මක කරනු ලබන අන්තර්ජාලගත පරිගණක වැඩසටහන (Web Based Computer System) උදෙසා සුභ පැතුම් එක් කරනුයේ හද පිරි සතුටිනි.

සබරගමුව පළාතේ රාජ්‍ය සේවාවෙහි සේවයෙහි නියතු කම්කරු සේවකයාගේ පටන් පරිපාලන සේවාව දක්වා වු විවිධ සේවා ස්ථරයන්හි සේවක සේවිකාවන් වෙනුවෙන් අතිමහත් වු භෞතික හා මානව සම්පත් වලට අමතරව වාර්ෂිකව රුපියල් ලක්ෂ 50 කට අසන්න මුල්‍ය ප්‍රතිපාදන වැය කර පුහුණු වැඩසටහන් නියොජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් ක්‍රියාවට නංවයි.

ඒ යටතේ පරිගණක, කාර්යාලීය ක්‍රම, නවක සේවකයින් සඳහා වු පුහුණු පාඨමලා, භෂා පුහුණුව ඇතුළු පුහුණු පාඨමාලා රැසක් ක්‍රියාවට නංවයි. එම පුහුණු පාඨමලා සඳහා මේ දක්වා ක්‍රියත්මක වු ඉල්ලුම් කිරීම්, තෝරා පත්කර ගැනීම මෙන්ම ඊට අදාල ප්‍රතිපෝෂණ (Feed Back) කිරීමේ සාම්පදායික ක්‍රියාවලිය වෙනුවට අන්තර්ජාලගත පරිගණක ක්‍රමවේදයකට අනුගත විම අතිශයින් අගය කොට සලකමි.
මෙම ක්‍රයාදාමයෙහි ඇති විශේෂත්වය ලෙස මා දකිනුයේ සබරගමු පළාත් සභාවේ සේවය කරන නිළධාරීන් විසින්ම කිසිදු මුදලක් වැය නොකර මෙම පරිගණක වැඩසටහන නිර්මාණය කර තිබිමයි. මෙම අන්තර්ජාලගත පරිගණක වැඩසටහන (Web Based Computer System) මගින් පලාතේ රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ක්ෂණිකව ,නිවරදිව, කාර්කෂමව හා ඵලදයීව පුහුණු පාඨමාලා ක්‍රියාවට නැංවිමට දායක වු ප්‍රධාන ලේකම්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන හා පුහුණු) සහ ප්‍රධාන අමත්‍යංශයේ ලේකම්වරයාටත් ඊට දායක වු අනෙකුත් සියළුම දෙනාටත් මාගේ ස්තූතිය පුද කරමි.

මහීපාල හේරත්
ප්‍රධාන අමාත්‍ය
සබරගමුව පළාත
     
සබරගමුව පළාත් ප්‍රධාන ලේකම්
හේරත් පී. කුලරත්න මහතාගේ පණිවුඩය
  නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(පිරිස් හා පුහුණු)
ශ්‍රියානි පද්මලතා මහත්මියගේ පණිවුඩය
Chief Secretary සබරගමුව පළාත් සභාවේ කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය මගින් එළිදක්වනු ලබන අන්තර්ජාලය පදනම් කරගත් පරිගණක වැඩ සටහන වෙනුවෙන් පළාත් ප්‍රධාන ලේකම් ලෙස සුභාසිංශන එක් කරනුයේ හද පිරි සතුටිනි.
අප ජීවත් වන 21 වන සියවස වූ කලී තොරතුරු තාක්ෂණ යුගයයි. මේ යුගය වන විට පළාත් රාජ්‍ය සේවකයින් ඇතුළුව සමස්ථ රාජ්‍ය සේවකයින්ගේ ආකල්ප මෙන්ම අවශ්‍යතාද කාලීනව වෙනස් වී ඇත. එසේ වෙනස් වූ අපේක්ෂාවන්ට සංවේදී වන ලෙස රාජ්‍ය සේවය හැඩගැස්වීම අත්‍යාවශ්‍යය. ඒ සඳහා පළාත් සභාවකින් දැක්විය යුතු දායකත්වය මැනවින් වටහා ගෙන පළාත් රජ්‍ය සේවකයින්ගේ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය සඳහා කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් ඉටු කරනුයේ වැදගත් කාර්ය භාරයකි. එහි තවත් ඉදිරි පියවරක් ලෙස කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය විසින් හඳුන්වා දෙන ලද අන්තර්ජාලගත පරිගණක වැඩ සටහන හඳුන්වා දෙනු කැමැත්තෙමි. යල් පැන ගිය අදහස් වෙනුවට රාජ්‍ය සේවයට නවමු සංකල්ප හඳුන්වා දීම තුළින් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවයක් සේවාලාභීන් වෙත ලබාදීම අපගේ අරමුණ වේ.

එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා පළාත් සභාවේ සියළුම ආයතන වල සහය අපේක්ෂා කරන අතර, මෙම නිර්මාණ ශීලී කටයුත්තට දායක වූ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයට ස්තුතිය පිරිනැමීමටද මෙය අවස්ථාවක් කර ගනිමි.
 
අප ගෙවන සෑම තත්ත්පරයක් පාසාම ලෝකය අලුත් වෙමින් පවතී. නව සොයගැනිම්, නව නිපැයුම්, තාක්ෂණික ශිල්ප ක්‍රම ආදියෙන් දිනෙන් දින දියුණු වන ලෝකය, තොරතුරු තාක්ෂණයේ නව ප්‍රයෝග තුළින් එකම ගම්මානයක් බවට පත් වෙමින් පවතී. Additinal Chief Secretary
ඒ තුළ ගලා යන දැනුම, කුසලතා හා ආකල්ප එක් පුද්ගලයෙනුගෙන් තවත් පුද්ගලයෙකු වෙත යන්නට ගත වන්නේ තත්ත්පරයක් තරම් සුළු කාලයකි. එවැනි නවීන ලෝකයක ජීවත් වන අපද නිරතුරුවම අලුත් වන දැනුමෙන් කුසලතාවයෙන් සන්නද්ධ විය යුතුය. එය අරමුණු කර ගනිමින් සංවර්ධන හා පුහුණු ඒකකයෙන් පැවැත්වෙන පුහුණු වැඩසටහන් හා ඒ සම්බන්ධ තොරතුරු එම ඒකකයෙන් දැනුම, කුසලතාවය, වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන සියළු දෙනාට කාර්යක්ෂමව හා ඵලදායීව ලබා දීම සඳහා අලුතින් නිමැයුම් කර ඇති "අන්තර්ජාලගත පරිගණක වැඩසටහන" මෙම පළාත් සභාවේ මෙතෙක් ලබා ඇති ජයග්‍රහණයන්, සිදුකර ඇති නව නිර්මාණ, නව සංකල්පයන් අතරට එකතු වන තවත් විශිෂ්ඨ නිර්මාණයක් වන බව මගේ හැගීමයි.

මෙම වැඩසටහන සබරගමුව පළාතේ සභාවේ රාජ්‍ය නිලධාරීන්ගේ අභිවෘද්ධිය සඳහා සියළුම ආයතනයන් උපයෝගි කර ගනු ඇතැයි අපේක්ෂා කරමි. මෙම "අන්තර්ජාලගත පරිගණක වැඩසටහන" නිර්මාණය සඳහා උරදුන් නියෝජ්‍ය. ප්‍රධාන ලේකම් කාර්යාලයේ පුහුණු විෂයභාර නිලධාරී සමන් කුමාර මහතාට සහ තොරතුරු තාක්ෂණ ඒකකයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර චරිත පුංචිනිලමේ මහතාට මාගේ ස්තුතිය පිරිනමන අතර, මේ මහඟු කර්තව්‍යය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි සුභාෂිංසනය කරමි.
     
 
අප ගැන
කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය

කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(පිරිස් හා පුහුණු) යටතේ පාලනය වේ. සබරගමුව පළාත් රාජ්‍ය සේවකයින්ගේ (සෞඛ්‍ය හා අධ්‍යාපන දෙපාර්තමේන්තුගත නිලධාරීන් හැර) දේශීය පුහුණු අවශ්‍යතා ඉටුකරදීම තුළින් දැනුම, කුසලතා, ආකල්ප වලින් පිරිපුන් රාජ්‍ය සේවක පිරිසක් බිහිකිරිම අපගේ අරමුණ වේ.

කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය විසින් පහත පරිදි නිලධාරීන්ගේ පුහුණු අවශ්‍යතා සපුරනු ලබයි.
  • විවිධ විෂයයන්ට අදාලව පුහුණු වැඩමුළු පැවැත්වීම.
  සෑම වසරකම පළාත් රාජ්‍ය සේවකයින්ගේ පුහුණු අවශ්‍යතා තනතුරු අනුව ගෙන්වා ගෙන ඒවා විශ්ලේශණයකින් අනතුරුව වාර්ෂික පුහුණු සැලැස්ම සකස් කරනු ලබන අතර එම පුහුණු සැලැස්මේ ඇතුළත් පුහුණු වැඩමුළු වසර පුරා පවත්වනු ලබයි. මෙම පුහුණු වැඩමුළු සඳහා නිලධාරීන්ගෙන් ඉල්ලුම්පත් කැඳවීම වර්ෂය මුලදි සිදුකරනු ලබයි.(2012 වර්ෂය වන තෙක්)
  • විවිධ ආයතන වල පවත්වනු ලබන නිලධාරීන්ගේ පුද්ගලික පාඨමාලා සඳහා ප්‍රතිපාදන ලබාදීම.
 නිලධාරීන්ගේ සේවා අවශ්‍යතාවය අනුව සම්පූර්ණ කළ යුතු පාඨමාලා සහ අනෙකුත් පුද්ගල පාඨමාලා සඳහා ද ප්‍රතිපාදන ලබාදිම සිදුකරයි.


ගෙවුනු ආසන්න වසර 04 තුල දී නිලධාරීන් 8000ට අධික ප්‍රමාණයකට විවිධ පුහුණු වීම් ලබාදී ඇත. නිලධාරීන් 150 ගේ පුද්ගල පාඨමාලා සඳහා කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය විසින් ප්‍රතිපාදන ලබාදී ඇත.
     
mdtuu copy